රටක් වටින පොතක්
♦️රටක් වටින පොතක් ♦️ දයාබර දරුවනි, වර්තමානයේ ලොව පුරා පැතිර යන COVID 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් මෙරට 43 ලක්ෂයකට ආසන්න පාසැල් දූදරුවන් තම නිවෙස්වලට වී කාලය ගත කරති.එම දරුදැරියන් තුළ චිත්ත ශක්තිය, නිර්මාණ ශක්තිය හා අභියෝග ජය ගැනීමේ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය හා එක්ව සිදුකරන පොත් 10,000 ලිවීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් දියත්කර ඇත. ආදරණීය පාසල් දුවා දරුවන් වර්තමානයේ ලෝකයේ පැතිර යන අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් නිවෙස් තුළට වී කාලය ගත කරයි. පොතපත කියවීමෙන් මෙම කාලය තුළ තම දැනුම වර්ධනය කර ගැනීමට දරුවන්ට සිදුව ඇත. පොත් කියවන දරුවන්ට තවත් කාර්යයක් කිරීමට අප ආරාධනය කරමු. ඒ පොත් ලිවීමටයි. මේ ව්‍යසනය අතරතුර ඔබගේ නිසඟ හැකියාවන් ඔප්නංවා ගැනීමට පෙළ ගැසෙමු. ලියන්නට පටන් ගනිමු. ඔබ ලියන ලද පොත් ඔබේ පාසල ආරම්භ කළ පසු ගුරුවරුන් ලවා යළිත් සංශෝධනය කරවාගෙන විදුහල්පතිතුමා හෝ තුමිය මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා හෝ තුමිය වෙත යැවිය යුතුය. කලාප අධ්‍යක්ෂ එම පොත් වලින් හොඳම පොත් තෝරා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යැවිය යුතු අතර පලාත් අධ්...